ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ කාලය මිනිත්තු 15කින් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව මෙතෙක් පැවති මිනිත්තු 45ක කාලය පැයක් දක්වා දීර්ඝ වෙනු ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (29)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව කියා සිටියේය.
මාස 4කට වැඩි කාලයක් පාසල් පැවැත් වීමට නොහැකි වු බැවින් ශිෂ්‍යත්වයට මුහුණ දෙන දරුවන්ට යම් සහනයක් දීම සඳහා මෙම තීරණය ගෙන ඇති අතර දෙවන ප්‍රශ්න පත්‍රයේ වරණ 4 මෙවර වරණ 3ක් බවට පත්කිරීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
මෙවර ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 11 වන දින පැවැත්වීමට නියමිතය.
