News

ෂාවුල් හමීඩ් STF අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මොහොමඩ් තාජුඩීන් මොහොමඩ් ෂාවුල් හමීඩ් පොලිස් විශේෂ කාර්ය බලකාය සාමාජිකයින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 6ක් තිබී සොයාගත් බවයි.

කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.