සත්ත්ව උද්‍යානයක සිංහයන් 4කට කොවිඩ්
ස්පාඤ්ඤයේ බාසිලෝනා සත්ත්ව උද්‍යානයේ සිංහයන් සිවුදෙනෙකු හට කොවිඩ් 19 වෛරසය වැළඳී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.
එක් සිංහයෙකු හා සිංහ ධේනුවන් තිදෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
සත්ත්ව උද්‍යාන සේවකයන් විසින් මොවුන්ට සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණ වලින් හා පසුව කරන ලද පී.සී.ආර් පරීක්ෂණ වලින් ද මේ බව සනාථ වී ඇත.
සත්ත්ව උද්‍යාන සේවකයන් දෙදෙනෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවත්, සිංහයන් හට වෛරසය ආසාදනය වී ඇත්තේ මොවුන්ගෙන් බවත් විශ්වාස කෙරේ.
මොවුන් මේ වන විටත් සුවය ලබා ඇති බවත්,කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමට සමීප ආශ්‍රයක් අවශ්‍ය බැවින් ඔවුන්ගෙන් සත්ත්වඋද්යානය නැරඹීමට පැමිණෙන අමුත්තන් හට වෛරසය ආසාදනය වීමේ අනතුරක් නොමැති වූ බවත් ස්පාඤ්ඤයේ බාසිලෝනා සත්ත්ව උද්‍යානයේ වැඩබලන අධ්‍යක්ෂක – ජූලි මව්රි පවසා ඇත.
