සත්‍ය ව්‍යාපෘතියේ සුකා ලංකාවෙන් සමාව ගනී
යුද අපරාධ චෝදනා නගමින් මේජර් ජෙනරාල් සුරේෂ් සලෛයි යැයි සිතා බ්‍රිගේඩියර්වරයකුගේ ඡායාරූපයක් පළකිරීම සම්බන්ධව ජාත්‍යන්තර සත්‍යය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ (ITJP)විධායක අධ්‍යක්ෂිකා යස්මින් සුකා විසින් ශ්‍රී ලංකාවෙන් සමාව අයැද සිටී.
බ්‍රිගේඩියර් රවීන්ද්‍ර ඩයස්ගෙන් සමාව අයැද ඇත්තේ ඔහු විසින් යස්මින් සුකාගෙන් වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යැවීමෙන් අනතුරුවය. බ්‍රිගේඩියර් රවීන්ද්‍ර ඩයස් වෙනුවෙන් ඔහුගේ නීතිඥ නිලංග පෙරේරා විසින් ඉකුත් ජූලි 06 වැනිදා එන්තරවාසියක් යවා තිබිණි.
යස්මින් සුකා විසින් තමන්ගේ ඡායාරූපය පළකර තම ජීවිතය අවදානමට ලක්කර ඇතැයි බ්‍රිගේඩියර් රවින්ද්‍ර ඩයස් එන්තරවාසියෙන් පෙන්වාදී ඇත.
රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සලෛයි ඉකුත් මැයි 22 වැනිදා උසස්වීම් ලැබීමෙන් පසු ඔහු යුද අපරාධකරුවකු ලෙස සාවද්‍ය චෝදනා නඟමින් යස්මින් සුකා මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබිණි.
මෙහිදී සාවද්‍ය චෝදනා නැගීමට එරෙහිව රුපියල් කෝටි සියයක වන්දියක් ඉල්ලා මේජර් ජෙනරාල් සුරේෂ් සලෛයි එන්තරවාසියක් අප්‍රිකාවේ පිහිටි යස්මින් සුකාගේ පෞද්ගලික ලිපිනයට හා අයි.ටී.ජේ.පී. මූලස්ථානයට යවා තිබිණි.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
