News

සදුඳා සිට කොටස් වෙළඳ පොළත් යලි විවෘත වෙයි

කොළඹ කොටස් වෙළඳ පොළ අනිද්දා සිට යලි විවෘත කිරිමට සැලසුම් කර තිඛේ.

කොළඹ කොටස් වෙළඳ පොළ නිවේදනය කළේ 11 වන දා සිට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන කටයුතු ආරම්භ කිරිමට රජය ගෙන ඇති තීරණයට අනුව මෙලෙස කොටස් වෙළඳ පොල කටයුතුද යලි ක්‍රියාත්මක කිරිමට නියමිත බවයි.

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රේණුක විජයවර්ධන පවසන්නේ පැය 2ක කාලයකට පමණක් ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳපොල මැයි 11 සිට විවෘත කෙරෙන බවයි.

කොටස් වෙළෙඳපොළ තැරැව්කාර ආයතන වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටී.

මේ අනුව පෙරවරු 11.00 සිට පස්වරු 1.00 දක්වා දෛනික ගනුදෙනු ක්‍රියාත්මක වීමට නියමිතයි.