News

සමස්ත ආසාදිතයන් 20,000 සීමාවට ආසන්න වෙයි

මෙරට කොවිඩ් ආසාදිතයන් 20,000 සීමාවට ආසන්නවී තිබේ. ඊයේ දිනයේ මෙරටින් හඳුනාගත් නව ආසාදිතයන් 491 දෙනාත් සමග සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 19,771 දක්වා ඉහල ගොස් තිබේ.

ඊයේ හඳුනාගත් ආසාදිතයන් ගෙන් 487ක් මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු පිරිස ඉතාලියේ සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු සහ තුර්කියේ සිට පැමිණි පුද්ගලයෙකු බව වාර්තාවේ.