සම්පායෝ ඇතුලු 4 ක් අත්අඩංගුවට ගන්න යයි
මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුලු තවත් ජේලර්වරුන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගැනිමට වරෙන්තු ලබා ගන්නැයි නීතීපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.
සරත් බණ්ඩාර / නිශාන්ත සේනාරත්න සහ කාලිංග කලුඅග්ගල යන ජේලර්වරුන් ඒ අතර වෙයි.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ව අත්අඩංගුවට ගැනිම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ විසින් අභියාචනාධිකරණයට අද පෙත්සමක් ගොණු කර තිඛේ.
