News

සමාජ මාධ්‍යවල අසත්‍ය ප්‍රචාර කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ පුද්ගලයෙකු වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා ඊයේ (06) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වේ.

මේ අතර “අද දිනයේ දිවයිනටම ඇඳිරි නීතිය පැනවෙන බවට“ ව්‍යාජ තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.