News

සරසවි සම්බන්ධව පියවරක් ගන්න

උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කර ප්‍රතිපාදන කොමිෂන් සභාව සුදුසු පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමය මේ බව සඳහන් කරන්නේ කොවිඩ් වයිරසය ව්‍යාප්ත වීමට අදාළව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඊයේ (13 වැනිදා) ලිපියක් යවමිනි.

විශ්වවිද්‍යාල සේවක ප්‍රජාව මෙන්ම සිසුන්ද සිය සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් මේ වන විට අවිනිශ්චිත තත්ත්වයක පසුවන බවත් විවිධ ප්‍රදේශවලින් විශ්වවිද්‍යාලවලට සේවකයන් හා සිසුන් පැමිණෙන බවත් සඳහන් කරන එම සංගමය මේ අතරින් වැඩි පිරිසක් විශ්වවිද්‍යාලවලට පැමිණීම සඳහා භාවිත කරන්නේ පොදු ප්‍රවාහන සේවා බවත් පවසයි.

 

නිලන්ත මදුරාවල