සාමාන්‍ය පෙළ විභාගය කල් යයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මස 18 වන දින පැවැත්වීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.
දෙසැම්බර් මාසයේ පළමු සතිය වන විට අ.පො.ස. සාමාන්‍ය පෙරළ විභාගය සදහා පෙනී සිටින සිසු සිසුවියන්ට අධ්‍යාපනය ලබාදීම සදහා පාසල් සියල්ලම විවෘත කිරීමට හැකියාවක් නොමැති බැවින් මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා සදහන් කරයි.
ඒ අනුව විභාගය පැවැත්වෙන නව දිනයන් සති 06කට පෙර දැනුම් දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සදහන් කරයි.
