News

සැකකරු පොලිස් සිර මැදිරියේදී දිවි නසාගෙන

කළුතර උතුර පොලීසියේ සිර මැදිරියකදී සැකකරුවෙක් සිය දිවි හානිකරගෙන තිබෙන බව වාර්තා වේ.

මෙයාකාරයට දිවි නසාගෙන ඇත්තේ 32 හැවිරිදි කළුතර උග්ගල්බඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. සැකකරු දෙදරු පියෙක් වන බව ද පැවසෙනවා.

සිදුවීම ඊයේ දින (13) උදෑසන සිදුව ඇති අතර සැකකරු, සිරමැදිරියේ තිබු පැඳුරක පටිය කපා ඉවත් කර ඒ ආධාරයෙන් සියදිවි හානි කර ගෙන තිබෙන බව පැවසෙනවා.

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිට ඇති මෙම පුද්ගලයා ගෙවල් බිඳුම් 4කට ද සොරකමකට ද මහාධිකරණයේ නඩු 14ක් ඇති අයෙකි. ඉන් නඩු 9ක් මත්ද්‍රව්‍ය සම්බන්ධව පවතින බවත් විවාහක බිරිඳ මේ වන විට ඔහු හැර ගොස් ඇතැයි ද පැවසෙනවා.

මහෙස්ත්‍රාත් පරීක්ෂණ ඊයේ (13) රාත්‍රියේ කළුතර උතුර පොලිස් ස්ථානයේ දී සිදුකර තිබෙන බව පැවසෙනවා.