News

සැප්තැම්බර් 2වනදා සිට පාසල් පැවැත්වෙන කාලය සංශෝධනය වෙයි

කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය අවමවීමත් සමග යළි ආරම්භ වූ පාසල්වල පන්ති පැවැත්වෙන කාලසීමාව යලි සංශෝධනය කර තිබේ.

ඒ අනුව 10 ශ්‍රේණියේ සිට 12 ශ්‍රේණිය දක්වා සැප්තැම්බර් මස 2වනදා සිට උදෑසන 7.30 සිට පස්වරු 1.30 දක්වා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

මේ පිළිබදව දිවයිනේ සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් පාලන හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු සියලුම පාසල් විදුහල්පතිවරුන් වෙත උපදෙස් දී ඇත.