සිරගත මව්වරුන්ගේ දරුවන් ගැන සොයා බලන්න උපදෙස්
සිරගතව සිටින මව්වරුන් පිරිසකගේ දරුවන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිරගතව සිටින මව්වරුන්ගේ දරුවන් 46 දෙනෙකු බන්ධනාගාරවල සිටින බවට පළ වු මාධ්‍ය වාර්තා පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇත.
බන්ධනාගාරවල සිටින දරුවන්ට නිදහස ලබාදීමට අදාළ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සොයාබලන ලෙස රාජ්‍ය අමාත්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට උපදෙස් ලබා දී ඇත.
වයස අවුරුදු 5ට අඩු මෙම දරුවන් 46 දෙනා දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මව්වරුන් භාරයේ අධිකරණ නියෝග මත රඳවා ඇති බව වාර්තා වේ.
අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් ගනු ලැබූ ඉදිරි පියවර පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට අදාළ තොරතුරු රැස් කරමින් සිටින බවය.
