News

සීගිරියේ සම්බාහන මධ්‍යස්ථානයේ ගංජා කිලෝ 4 ක්

සීගිරිය කලාපුරය ප්‍රදේශයේ පවත්වාගෙන ගියි සම්බාහන මධ්‍යස්ථානයක තිබී ගංජා
කිලෝ හතරක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (7) රාත්‍රියේ සැකපිට
අත්අඩංගුවට ගත් බව සීගිරිය පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සීගිරිය කලාපුරයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවද
පොලීසිය කියයි.

පොලීසියට ලැබුණු තොරතුරක් මත සීගිරිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක
ශ්‍රී ලාල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් මෙම සම්බාහන මධ්‍යස්ථානය වටලා
තිබේ.

එහිදී ඉතා සූක්ෂම ලෙස ඇසුරුම් කර තිබූ මෙම ගංජා කිලෝ හතරකට ආසන්න ඇසුරුම්  එහි
තිබී සොයා ගත් බවද සීගිරිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශ්‍රී ලාල්
හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

මෙසේ අත්තඩංගුවට ගත් එක් සැකකරුවෙකු සීගිරිය ප්‍රදේශයේම සංචාරක ව්‍යාපාරවල
නිරතව සිටින අයෙකු බවත් අනෙක් පුද්ගලයා ඔහුගේ අත්උදව්කරුවෙකු ලෙස සේවය කරන
අයෙකු බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (8)දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට
ඉදිරිපත් කිරිමට නියමිත බවද ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

(දඹුල්ල ලක්ෂික සංදීප ආරියදාස)