සුනාමියට අදට වසර 16ක්
මිට වසර 16කට පෙර 2004 වර්ෂයේ දෙසැම්බර් 26 දින ඇති වූ සුනාමි ව්‍යසනය නිසාවෙන් 35,000කට ආසන්න ගානක් මියගියා. එසේම 5000ක පමණ පිරිසක් අතුරුදහන් වුවා.
මෙවර ජාතික සුරක්ෂිතතා දිනය අදට (26) යෙදී ඇත. අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් සුරකින ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාව දැනුවත් කර තිබුනා.
තවද සුනාමි ව්‍යසනයෙන් මියගිය ජනතාව සිහිපත් කරමින් අද දිනය පුරා සර්ව ආගමික වැඩසටහන් සිදුකිරීමට නියමිත බව මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කර තිබේ.
