සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 172 දක්වා ඉහළට
කොවිඩ්-19 වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙකු සුව ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.
අයි.ඩී.එච්, වැලිකන්ද සහ ඉරණවිල යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 10 දෙනෙකු මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
මේ වන විට ආසාදිතයින් 172 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.
