සුවය ලැබූවන් ගණන 27500 ඉක්මවයි
කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 491දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඉන් වැඩි පිරිසක් පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති අතර එම සංඛ්‍යාව 74 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 27,552ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 36,049ක් වන අතර රෝගීන් 8332දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

