News

සුවය ලැබූවන් 16000 පනී

කොරෝනා ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 430දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 16656ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටදී හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන 22501ක් වන අතර රෝගීන් 5738දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද වසංගත රෝග විද්‍යා අංශය පවසයි.