News

සුවය ලැබූ නාවිකයන් 899 දක්වා ඉහළට

තවත් නාවික සාමාජිකයෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව නාවික හමුදාවේ කොවිඩ් 19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 899 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගත කළ සමස්ත නාවික ආසාදිතයින් ගණන 906ක් වන අතර මෙ වනවිට වෛද්‍ය ප්‍රථිකාර යටතේ සිටින්නේ තවත් නාවිකයින් 7 දෙනෙකු පමණි.

සුවය ලබා පිටව ගිය සියලූම නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.