News

සේවය අත්හැරයාමේ නියෝගය ලබා සිටින පොලිස් නිලධාරින් නැවත සේවයට

විශේෂ කාර්ය බලකාය ඇතුළු ශ්‍රි ලංකා පොලිසියේ සේවය අත්හැරයාමේ නියෝගය ලබා සිටින නිලධාරින් නැවත සේවයේ පිහිටුවීම සඳහා රජය විසින් ගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයකට අනුව එම නිලධාරීන් නැවත සේවයට බදවා ගැනීම සඳහා අදාළ ක්‍රියාවලිය මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇත.

ඊට අදාළ පුවත්පත් නිවේදනයක් පසුගිය මස 17වන දින පළකර ඇති අතර ආරක්ෂක අමාත්‍යංශයේ www.defence.lk සහ පොලිස් දෙපාර්තමේන්තුවේ www.police.lk යන වෙබ් අඩවිවලින් මගින් ඒ පිළිබඳ තොරතුරු ලබාගත හැකි බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

විශේෂ කාර්ය බලකාය ඇතුළු ශ්‍රි ලංකා පොලිසියේ සේවය අතහැරයාමේ නියෝගය ලබා සිටින නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීම සඳහා මේ වන විට අභියාචනා කැදවීම සිදු කරගෙන යන අතර එම අභියාචනා 2020.07.17 දින දක්වා අතිරේක ලේකම්(නීතිය හා සාමය),ආරක්ෂක අමාත්‍යංශය,14 වන මහළ,”සුහුරුපාය”,බත්තරමුල්ල යන ලිපිනයට ඉදිරිපත් කළ හැකිය