සෝමාවතියේ ගව ගාල් ගිනිතැබීම නිසා’ අද ගවයන් පෙරහරේ
සෝමාවතී රක්ෂිතයේ අනවසරයෙන් ඉදිකර තිබූ ගව ගාල් කඩා බිඳ දමා ගනි තැබීමට සිංහලේ අපි සංවිධානය ප්රමුඛ හිමිවරුන් හා සිවිල්වැසියන් ඊයේ (5 වැනිදා) කටයුතු කර ඇතැයි පැවසේ.
මෙයට විරෝධය පාමින් අද (7 වැනිදා) දිනයේ පොළොන්නරුව නගරය දක්වා හරක් දක්කාගෙන විත් විරෝධය පෑමට ගවගාල් හිමියන් සැලසුම් කරමින් සිටින බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබිණි.
ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් පවුල් දෙසිය පනහක පමණ ගවයන් හයසියකට ආසන්න ප්‍රමාණයක් තණ උලෑකෑම සඳහා සෝමාවතී රක්ෂිතයට රැගෙන ගොස් ගවගාල් ඉදිකරගෙන තිබුණේ කලක පටන්ය.
මෙයට විරෝධය පාමින් සෝමාවතී රක්ෂිතයට ඇතුළු වූ හිමිවරුන් ඇතුළු පිරිස ගවගාල් ගිනි තබා විනාශ කර එම ප්‍රදේශවල පැළ සිටුවීමටද පියවර ගෙන තිබිණි.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
