News

සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකයි

කොවිඩ්-19 වෛරස තත්ත්වය පහව යන තෙක් වෛරසය පාලනය සඳහා ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව ජනතාව කටයුතු කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව සෑම පුද්ගලයෙකුම මුඛ ආවරණ පැළඳීම පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කළ යුතුවේ.

සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකරන පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කරයි.