සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට පාඩුවේ නිරෝධායනය වෙන්න ඉල්ලයි
හෙද නිලධාරීන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් නිරෝධායනයට සෙසු රෝගීන් සමග රෝහල් ගත කිරීම සෞඛ්‍ය සේවය අවදානමේ හෙලන්නක් බවට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි.
වසංගතයට පිළියම් යෙදීම හමුදා ප්‍රධානියා යටතට පවරා තිබීම නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිරෝධායනය සම්බන්ධයෙන් ද යුද හමුදාවෙන් අනුමැතිය ලබා ගන්නට සිදුවී තිබේ.
සෞඛ්‍ය අංශයේ නිලධාරීන් නිවෙස් තුළ නිරෝධායනය වීමේදී ආරක්ෂක අංශ වල මැදිහත්වීමක් සිදු නොකරන ලෙස රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
“ඒ ගොල්ලෝ කාමරයට වෙලා, ගෙදරට වෙලා අනිත් අයට රෝගය බෝ කරන්නේ නැතුව අනිවාර්යෙන්ම ඉතාම හොද විදිහට ඒක කළමණාකරණය කර ගනිවී. ඒකට හමුදාව මැදිහත් කරන්න එපා. වෙන කවුරුවක්වත් පොලීසිය මැදිහත් කරන්න එපා” යි සමන් රත්නප්‍රිය මහතා ප්‍රකාශ කලේය.
