News

හම්බන්තොට අලියකු මරා ටයර් දමා පුළුස්සලා

හම්බන්තොට කටුවැව නන්දිමිත්‍ර ගම්මානයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය වගා බිමක ඇද තිබූ විදුලි රැහනකට හසුවී සිටි වල් අලියෙක් මිය ගිය පසු වල් අලියාගේ සිරුර ටයර් දමා පුලුස්සා සැඟවීමට උත්සාහ ගත් පුද්ගලයෙක් වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

ඉකුත් 01 දා වල් අලියාට විදුලිසර වැදී මිය ගිය පසු වල් අලියාගේ සිරුර විනාශ කිරීමට සැකකරු කටයුතු කර තිබේ. ප්‍රදේශවාසීන් මේ පිළිබඳව හම්බන්තොට වනජීවී කාර්යාලයට දැනුම් දී තිබිණි. අනතුරුව එම ස්ථානයට පැමිණි හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් අඩක් පිලිස්සී ගිය වල් අලියාගේ සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර, සැකකරු අම්බලන්තොට ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබේ.

අජිත් පුෂ්පකුමාර – අම්බලන්තොට