News

හමුදාවට රේගුවෙන් කෝටි 12ක බිලක්

යුද හමුදාව චීනයෙන් ආනයනය කළ ආරක්ෂිත උපකරණ රේගුවෙන් නිදහස් කර ගැනීම සඳහා රුපියල් කෝටි දොළහක අමතර මුදලක් දැරීමට සිදු වූ බව යුද හමුදාපතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

චීන සමාගමකින් මෙම භාණ්ඩ ආනයනය කර තිබිණි. ඒ සඳහා 2019 සැප්තැම්බර් මස ගිවිසුම් ගත වී තිබේ. පොදු අත්තිකාරම් ගිණුමෙන් මෙම භාණ්ඩ නිදහස් කර ගැනීම සඳහා මුදල් ගෙවා ඇත. ශ්‍රී ලංකා වරාය ගාස්තු, රේගු බදු ගාස්තු, බැංකු ගාස්තු සඳහා​ මෙලෙස රුපියල් කෝටි 12ක අමතර මුදලක් ගෙවා ඇත.

උදයජීව ඒකනායක