හලාවත රෝහලේ මළසිරුරකට කෝවිඩ් පොසිටිව්
13 වැනි කොවිඩ් මරණය අද (14) මෙරටින් වාර්තා වේ.
සෞඛ්‍ය අංශ පැවසුවේ පසුගිය 2වනදා එම පුද්ගලයා බහරේන් සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටියදී මියගොස් ඇති බවයි.
වයස අවුරුදු 60ක් වන එම පුද්ගලයා පසුගිය 9 වනදා හලාවත රෝහලට ඇතුළත් කර තිබේ.
එහදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් ඔහුට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වී තිබේ.
කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ සදහන් කළේ ඔහුට හෘදයාබාධයක් ද වැළදී ඇති බවයි.
