හලාවත ග්‍රාමසේවා වසම් කිහිපයක් හුදකලා කෙරේ
හලාවත වැල්ල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 04ක් අද (26) දහවල් සිට හුදකලා කිරීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ.
ඒ අනුව හලාවත නගර සීමාවට අයත් උතුරු වෙරළබඩ, දකුණු වෙරළබඩ, කුරුසපාඩුව සහ එගොඩවත්ත යන ග්‍රාමසේවා වසම්වල එළෙස සංචරණ සීමා පනවා ඇත.
පසුගිය දින කිහිපය තුළ දිගින් දිගටම කොවිඩ් රෝගීන් වාර්තාවීම සැලකිල්ලට ගෙන මෙම ප්‍රදේශ හුදකලා කිරීමට තීරණය කළ බව පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කරයි.
හලාවත වැල්ල ප්‍රදේශයේ පවුල් 980කට අයත් පුද්ගලයින් 6,700ක් ජීවත්වෙන බවත් ඉතා කුඩා ප්‍රදේශයක විශාල ජනතාවක් සිටීම කොවිඩ් -19 වෛරසය වේගයෙන් පැතිරයෑමට ප්‍රධාන හේතුවක් බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
