හැටන් පාසල් 5ක් තාවකාලිකව වැසේ
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසල් පහක් අද(23) දින ආරම්භ නොකල බව හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක පි.ශ්‍රිදරන් මහතා පවසයි.
වටවල පොලිස් වසමට අයත් වැලිඔය ප්‍රදේශයේ පිහිටි මලෙයි මගල් දමිල විද්‍යාලය සහ වැලිඔය අග්‍රාඔය දමිල මහා විද්‍යාලය , ගිනිගත්හේන පොලිස් වසමට අයත් හගරපිටිය නිශ්ශංකමල්ල විද්‍යාලය , මාදෙණිය සිංහල විද්‍යාලය , අඹතලාව දෙහිගස්තැන්න විද්‍යාලය යන විද්‍යාලය මෙසේ තාවකාලිකව වසා දැමු බවයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා කියා පැවසීය.
එම පාසල් අවට ගම්මාන කිහිපයක ම කොරෝනා වෛරස් ආසාදිතයන් හමු වී ඇති නිසා සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් විශාල පිරිසක් මේ වන විටත් නිවෙස්වල නිරෝධායනයට යොමු කර ඇති නිසා මෙලෙස පාසල් වසා දැමීමට කටයුතු කර ඇත.
මීට අමතරව එම පාසල්වල විදුහල්පතිවරුන්ට සහ ගුරුවzරුන්ට වෙනත් ප්‍රදේශවල සංචාරය නොකරන ලෙසටද උපදෙස් දී ඇතැයි කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා ප්‍රකාශ කළේය.
