හිටපු ඇමති රාජිතව අධිකරණයට ඉදිරිපත් කරන්න CID යට නියෝග
හිටපු ඇමති රාජිත සේනාරත්නව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැත්වූ ප්‍රශ්නගත සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡා නඩුව සම්බන්ධයෙන් එහි තෙවන සැකකරුවන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබූ ඇප නියෝගය අද (13) පෙරවරුවේ කොළඹ මහාධිකරණ විසින් අවලංගු කළේය.
