News

හිරිපිටියේ  ග්‍රාම නිලධාරියා 18 දා ප්‍රා. ලේකම් කාර්යාලයේ රැස්වීමකට ගිහින්

පසු ගිය අප්‍රේල් මස 18 වැනි දින හෝමාගම හිරිපිටිය ග්‍රාම සේවා වසමේ අඩු ආදායම්ලාභි පවුල් සඳහා රජය මගින් ලබා දෙන රුපියල් 5000 ක දීමනාව ලබා දීමට අදාල අයදුම් පත්   ලබා දීම සිදු කරන අවස්ථාවේදී හිරිපිටිය ග්‍රාම නිලධාරීවරයා එම ස්ථානයේ නොසිටියේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කැඳවීමක් අනුව එහි රැස්වීමටක සහභාගීවීමට ගොස් සිටි නිසා බැවු  අරුණ වෙබ් අඩවියට දැනුම් දී ඇත.

හිරිපිටිය කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීවරයා හෝමාගම ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහතික කිරීමද සහිතව අදාල දැනුම් දීම කර ඇති අතර අදාල පුවතේ කිසිදු තැනක අප හිරිපිටියේ ග්‍රාම නිලධාරීවරයා ගැන කිසිදු සඳහානක් කර නැත. නමුත් පුවතට අදාල සිරස්තලයේ  කොටසක ‘‘ග්‍රාම සේවක මග හරියි‘‘ ලෙස යොදා තිබුණු අතර  එකී වාක්‍යය හේතුවෙන් අදාල ග්‍රාමනිලධාරීවරයාට සිදු වූ අපහසුතාව පිළිබඳ අපි කනගාටුව ප්‍රකාශ කර සිටිමු.