News

හෘද සාක්ෂියක් ඇති මිනිහෙකුට 20ට ඡන්දය දිය නොහැකි බව විජයදාස කියයි

මහජන පරමාධිපත්‍යයට ගරු කරන මන්ත්‍රීවරයකුට හෘද සාක්ෂියට එකඟ ව 20 වන සංශෝධනයට පක්ෂ ව ඡන්දය දීම කළ හැකි ද යන්න පිළිබඳ ව තමන්ට බරපතළ ප්‍රශ්නයක් මතුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ 20 වන සංශෝධනයට පක්ෂ ව ඡන්දයදීම මගින් මන්ත්‍රීවරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කර ආරක්ෂා කරන බවට දෙන ලද ප්‍රතිඥාව / දිවුරුම උල්ලංඝනය කිරීමක් ද සිදුවනු ඇති බවට පෙනෙන්නට ඇති බවයි.

මෙම කරුණු ඇතුළත් සවිස්තරාත්මක ලිපියක් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර තිබේ.

එම ලිපිය පහතින් වේ….