හෙට සහ අනිද්දා වැසි තත්ත්වයේ වැඩිවීමක්
දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ සහ වයඹ පළාතේ වැසි තත්වයේ තරමක වැඩි වීමක් හෙට (05) සහ අනිද්දා(06) යන දිනවලදී අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලතැනින් තැන වැසි ඇති විය හැකි බවයි.
එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මේ අතර හෙට (05) දින දහවල් 12:09 ට අඟුලාන, කීරගල, බොගවන්තලාව, දියතලාව සහ කුඹුක්කන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
