News

හෙද ගැටලු නොවිසඳුවොත් පැය 48කින් සටනක්

කොවිඩ් ප්‍රතිකාර කරන රෝහල්වල හෙද හෙදියන්ගේ ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් ඉදිරි පැය 48 ඇතුළත පැහැදිලි විසඳුමක් ලබා නොදුනහොත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ‘අරුණ’ට පැවසීය. උන්වහන්සේ ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චිට ඊයේ (27 වැනිදා) ලිඛිතව දැනුම් දුන් බවයි.

කොවිඩ් – වසංගතයත් සමග හෙද හෙදියන්ගේ නවාතැන් පහසුකම් සම්බන්ධයෙන් විශාල ගැටලු පවතින බවත් ආහාර හා ගමනාගමන කටයුතු සම්බන්ධයෙන් නිසි සොයා බැලීමක් නොකරන බවත් උන්වහන්සේ කියති.

චාමර පල්ලේගෙදර