News

ළඟම පාසලේ ඉගන ගන්න දරුවන්ට අවස්ථාව

 

 

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් දරුවන්ගේ පාසල් අධ්‍යාපනය කඩාවැටීම වලක්වාලීම සඳහා මහනුවර ප්‍රදේශයෙන් මෙම ක්‍රමවේදය අරඹා තිබේ.

මේ අනුව මෙම ක්‍රමවේදය මැණික්දිවෙල මහා විද්‍යාලයේ මේ වන විටත් ක්‍රියාත්මක වනවා.

ක්‍රියාවලිය නිරීක්ෂණය සඳහා පැමිණි මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා සඳහන් කරන්නේ ඉදිරි සතියේදී මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු කැඳවා නව ක්‍රමවේදය ක්‍රියත්ම කිරීමට ඇති හැකියාව ගැන සොයා බලන බවයි.

කෙසේ වෙතත් මෙවැනි වැඩසටහනක් මගින් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකර ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව ගැන සොයබලනු ඇති බව වැඩි දුරටත් සඳහන් කර තිබේ.

මේ අනුව එම දරුවන්ට ලඟම පාසලට ගොස් ඉගැනීමේ හැකියාව ලැබෙනවා.