ළමයින්ට කිරි වෙනුවට කැඳ
පාසල් දරුවන්ට ලබාදෙන කිරි වීදුරුව වෙනුවට පාරම්පරික සහල් කැඳ වීදුරුවක් ලබාදීම සම්බන්ධව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග ඊයේ (27 වැනිදා) සාකච්ඡාවක් පැවැත්වුණ අතර එම වැඩසටහන සඳහා ශක්‍යතා අධ්‍යයනයක් කිරීමට කමිටුවක්ද පත්කෙරිණි.
මෙම සාකච්ඡාව බත්තරමුල්ල, ගොවිජන මන්දිරයේදී පැවැත්වුණි.
මෙරට එළකිරි නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම සහ ළමුන්ගේ පෝෂණ ඌනතාවයට පිළියමක් ලෙස පාසල් සිසුන්ට පාරම්පරික සහල් කැඳ වීදුරුවක් ලබාදීම සම්බන්ධව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කෘෂිකර්ම ඇමැතිවරයාට යෝජනා කළේය.
පාසල් සිසුන් අතර පවතින අධික රුධිර පීඩනය, දියවැඩියාව ආදී රෝග තත්ත්වයන් පාලනයට පාරම්පරික සහල් කැඳ වීදුරුවක් ලබාදීම සුදුසු බවද මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකයන් පෙන්වා දුන්හ.
සාලිය කුමාර ගුණසේකර
