ෆාරුක් මියගිහින් දවස් තුනයි භූමිදානයට අවසර දෙනකන් ඥාතීන් සිරුර භාරනොගනී
පේරාදෙණිය රෝහලේ මෘත ශරිරාගාරයේ පසුගිය 28 වෙනිදා සිට තැන්පත් කර ඇති කොරෝනා 19 වෛරසය ආසාධනය වි මිය ගිය පුද්ගලයාගේ සිරුර ඥාතීන් හෙට ( 02 ) දිනයේ උදෑසන 9 වන්නට පෙර දේහය භාර නොගන්නේනම් කොරෝනා නිති රිති අනුව දේහය ආදාහනය කිරීමට සෞඛ්‍ය බලධාරින්ට නියම කරන බව පේරාදෙණිය රෝහලේ හදිසි මරණ පරික්ෂක අමල් ජයවර්ධන මහතා පවසයි.
පේරාදෙණිය මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයටද හදිසි මරණ පරික්ෂක කාර්යාලයටද මෘත ශරිර භාර ගැනිම සදහා සේවා ලබා ගැනිම සදහා සැලකිය යුතු බොහෝ පිරිසක් දිනපතාම පැමිනෙන බවත් කොරෝනා වෛරසය ආසාධනය වි ගිය දේහයන් මෙලෙස මෘත ශරිරාගාරය තුල තබා ගැනිමෙන් සෞඛ්‍යට දැඩිව බලපැමක් ඇතිවිය හැකි බැවින් මෙම තිරණය ගැනිමට හේතුව බවද අමල් ජයවර්ධන මහතා පැවැසිය.
මෙම රෝගීන් පනතේ ඇති විදි විධාන වලට අනුව කොරෝනා ආසාධිත දේහයන් ඉක්මනින් ආදාහනය කිරිමට නිති රිති වල ඇති බැවින් මෙම දේහය රජයේ වියදමින් ආදාහනය කිරිම සදහා නියම කිරිමට සෞඛ්‍ය අංශ වලට නියම කරනු ලබන බවද අමල් ජයවර්ධන මහතා පැවැසිය.
මෙම පුද්ගලයා ඔහුගේ බිරිඳ සමඟ කොළොන්නාවේ පදිංචි දියණියගේ නිවසට සැප්තැම්බර් මස 26 වන දින ගොස් තිබෙන අතර සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ඔවුන් 27 දින පෞද්ගලික වාහනයකින් යළි නිවස බලා එමින් සිටියදී ඔහුට අසනීප වී පේරාදෙණිය රෝහලට ඇතුලත් කරණ විටදි ම මියගොස් සිටි පුද්ගලයාට කෝවිඩ් 19 ආසාධනය වි ඇති බව පී.සී.ආර් පරීක්ෂණ මගින් පසුගිය (30) වනදා තහවුරු වු ඇති බව පොලිසිය පැවසිය..
මේ සම්බන්දව පවුලේ ඥාතින් දැනුවත් කල පසු දේහය භුමදානය සදහා අවසර දෙනවානම් දේහය බාර ගැනිමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් දේහය ආදාහනය කරන්නේනම් දේහය භාර ගැනිමට අකමැති බව ප්‍රකාශ කර ඇති බවත් මේ වන විට දින එම දේහය පේරාදෙණිය මෘත ශරිරාගාරයේ දින 4 ක් ගතවි ඇති බවත් එනිසා දේහය මේ ආකාරයට මෘත ශරිරාගාරයේ තැන්පත් කර තැබිමෙන් පැමනෙන ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් බවද අමල් ජයවර්ධන මහතා පැවැසිය.
මෙසේ මරණයට පත් වි ඇත්තේ ගලහ ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි මොහොමඩ් ෆාරුක් නැමැත්තෙක් වන අතර මෙය මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රථම කොවිඩ් මරණය වන බවත් මියගිය පුද්ගලයාගේ බිරිඳ ඇතුළු ළඟම ආශ්‍රිතයින් නිරෝධායනයට යොමුකළ බව සෞඛ්‍ය අංශ පවසයි.
භාරත මෙන්ඩිස්
