කොළොන්නාව තෙල් සමාගමේ සේවකයන් 14කට කොවිඩ්
කොළොන්නාව ඛනිජ තෙල් සමාගමේ සේවකයන් 14 දෙනෙකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමග ඛනිජ තෙල් සේවකයන් හරහා වයිරසය රට පුරා ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් උද්ගතව ඇතැයි ජාතික සේවක සංගමයේ නියෝජ්‍ය සංවිධායක ආනන්ද පාලිත පවසයි. පෞද්ගලික රෝහලක් හරහා කඩිනමින් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර වාර්තා ලබාගැනීම අත්හිටුවා රාජ්‍ය අංශයෙන් එම පරීක්ෂණ සිදුකරගත යුතු බවට ආයතනයේ පාලනාධිකාරිය නියෝග කර තිබීම හේතුවෙන් ආසාදිතයන් අනාවරණය කර ගැනීමද ප්‍රමාද වී ඇතැයි නියෝජ්‍ය සංවිධායකවරයා පෙන්වා දෙයි. දැන් කඩිනමින් වාර්තා ලබාගත හැකි පෞද්ගලික අංශය ඉවත් කරලා රජයෙන් පී.සී.ආර්. කළ යුතුයි කියලා ආයතනයේ පාලනාධිකාරිය නියෝග කරලා. පෙරේදා (19 වැනිදා) වන විට සේවකයන් දාහතරකට රෝගය වැලඳිලා. සියලුම සේවකයන්ගෙන් තවමත් පී.සී.ආර්. කරලා තියෙන්නේ හතළිස් අටකට විතරයි. ආයතනය සතුව විශාල ලෙස මුදල් තියෙනවා. එහෙම තියෙද්දී රාජ්‍ය අංශයෙන් පී.සී.ආර්. අනිවාර්යයෙන් කළ යුතුයි කියමින් මේ කටයුත්ත ප්‍රමාද කිරීම බරපතළ ගැටලුවක්. ඒ වගේම තෙල් ප්‍රවාහනයෙන් සියයට අසූපහක්ම සිදුකරන්නේ පෞද්ගලික බවුසර් රථවලින්. ඒවායේ රියැදුරන් හරහා රට පුරා රෝගය ව්‍යාප්තවීමේ බරපතළ අනතුරක් තියෙනවා.
නයන තරංග ගමගේ
සිරිසේන ගමගේ – කොළොන්නාව
