News

අංගොඩ ලොක්කා සතුව තිබු ගිනිඅවි දෙකක් සොයා ගනී

ඉන්දියාවේ දී මියගිය බව පැවසෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “අංගොඩ ලොක්කා“ ට අයත් ගිනිඅවි දෙකක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබේ.

අංගොඩ ලොක්කාගේ උපදෙස් මත මුල්ලේරියාව, සැලළිහිණි මාවතේ ගොඩකරන ලද ඉඩමක ප්ලාස්ටික් භාජනයක බහා වළ දමා තිබිය දී එම නවීන වර්ගයේ ගිනිඅවි අද (23) සවස සොයාගෙන ඇත.

ගිනිඅවි සමග ජීව උණ්ඩ 30ක්, පතරොම් 15 බැගින් යෙදිය හැකි මැගසින 4ක් සහ ජීව උණ්ඩ 14ක් හමු වී ඇති අතර එක් ගිනිඅවියක් තුර්කියේ නිෂ්පාදිත අතර අනෙක් ගිනිඅවිය ජර්මනියේ නිෂ්පාදිත කර ඇතැයි තොරතුරු හෙළිව තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා මෙහෙයුම් අංශයට ලද තොරතුරක් මත එම වැටලීම සිදුකර තිබේ.