අටලුගමදී පොලීසියට පහරදුන් තවත් 4ක් අත්අඩංගුවට
බණ්ඩාරගම, අටලුගමදී පොලිස් නිලධාරීන් කණ්ඩායමකට පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ එම සැකකරුවන් බලංගොඩ, කල්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවය.
පසුගිය 9 වැනිදා සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට අටලුගම, මරාව ප්‍රදේශයේ වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමකට කාන්තාවන් ඇතුළු පිරිසක් පහරදී තිබුණි.
පසුව කාන්තාවන් ඇතුළු 5 දෙනෙක් අත්අඩංගුවට ගත් අතර පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන්ව සැප්තැම්බර් 24 වැනිදා තෙක් බන්ධනාගාර ගත කළේය.
