අටළුගම 74කට කොවිඩ්
ඊයේ දිනයේ හඳුනා ගත් ආසාදිතයින්ගෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 78 දෙනෙකු වාර්තා වී තිබේ.
ඉන් 74 දෙනෙකුම බණ්ඩාරගම – අටළුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වීම විශේෂත්වයක් වේ.
මෙරට කොරෝනා ව්‍යාප්තිය ආරම්භ වූ කාලයේදී ද අටළුගම ප්‍රදේශයෙන් ආසාදිතයන් හඳුනාගෙන ගැනුණු අතර, එම ප්‍රදේශයෙන් නැවත රෝගීන් වාර්තා වීම සම්බන්ධයෙන් අවදානය යොමු කළ යුතු බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරයි.
ඊයේ එම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් විය
