අත්අඩංගුවට ගත් මීගමුවේ ජේලර් රිමාන්ඩ්
මීගමුව බන්ධනාගාරයේ ජේලර්වරයෙකු වන කාලිංග කලුඅග්ගල ලබන 29 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිඛේ.
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දුන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිම්වලින් අනතුරුව මෙම ජේලර්වරයා අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
මීගමුව බන්ධනාගාරය තුල නීති විරෝධි ද්‍රව්‍ය රැගෙන යාමට අවසර ලබා දීමේ චෝදනා මත මොහු ඇතුලු තවත් 4 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණ විසින් නියෝග කර තිබුණා.
