අත්අඩංගුවට ගත් මීගමුවේ ජේලර්ගෙන් ප්‍රශ්න කරයි
මීගමුව බන්ධනාගාරයේ ජේලර්වරයෙකු වන කාලිංග කලුඅග්ගල අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.
බන්ධනාගාරය තුලට නීති විරෝධි ද්‍රව්‍ය රැගෙනයාමට අවසර ලබා දීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ඔහුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරිම් සිදු කරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුලුව තවත් නිලධාරින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණා.
