අත්බෝම්බ කඩු පිහි සහිත සැකකරුවන් 7ක් අල්ලගෙන
කළුතර දකුණ ,හීනටියන්ගල සෙන්ට්‍රල් මංසන්ධියේදී අත්බෝම්බයක් සහ තවත් යුධ රැසක් සමග සැකකරුවන් පිරිසක් සොයාගෙන ඇත.
ජීව අත්බෝම්බ 01 ක්, ටී-56 පතොරම් දෙකක්, කඩු 04 ක් සහ මන්නා පිහි 06 ක් මෙලස සොයාගෙන ඇති අතර සැකකරුවන් 7දෙනෙක් කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේ නිලධාරීන් ඊයේ(06) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කලමුල්ල, නාගොඩ සහ මතුගම ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22 ත්, 36 ත් අතර වයස්වල පසුවන්නන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරනවා.
අද (07)සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
