අතුරුසම්නත ගිණුම හෙට
හෙට දින (27) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි ඒ පෙරවරු 9.30ට පමණයි. එහිදී සැප්තැම්බර් මස 01 දා සිට දෙසැම්බර් මස දක්වා වූ කාලය තුල සඳහා වූ අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහායි.
මේ බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා.
අතුරු සම්මත ගිණුම සඳහා අදාළ විවාදය හෙට (27) සහ අනිද්දා (28) දෙදින පැවැත්වෙන බවයි පවසන්නේ.
පෙරවරු 09.30 සිට පස්වරු 6.30 දක්වා එම දෙදින තුළ විවාදය පවත්වනවා
එමෙන්ම අද දිනය පරිමේන්තු මන්ත්‍රීන්ගේ දෙදින වැඩමුළුවේ අවසන් දිනයයි.
