News

අතුරු තහනමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට ධූර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ට එරෙහිව මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කර තිබෙනවා.

මෙම අතුරු තහනම ඊයේ නිකුත් කළේ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවල මන්ත්‍රීවරුන් 122ක් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් අනතුරුවයි.

එම තීන්දුවෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබුණේ එම තීන්දුව පිළිනොගන්නා බවත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනු කරන බවයි.