අදත් වැසි
නිරිතදිග මෝසම මේ වන විට සක්‍රීය තත්ත්වයේ පවතින අතර එහි බලපෑම දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට බලපෑ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සදහන් කළේ විශේෂයෙන්ම දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත මෙන්ම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඔ්නෑම අවස්ථාවක කඩින් කඩ වැසි ඇති විය හැකි බවයි.
සබරගමුව පළාතේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ත්‍රිකුණාමලය, හම්බන්තොට, සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී 50 පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
