News

අද පස්වරුවේ අමතර දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනය කෙරේ

ධාවනයට යොදවා තිබූ දුම්රිය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අමතර දුම්රිය කිහිපයක් අද (28) පස්වරුවේ ධාවනයේ යෙදවීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර දෙකක්, මුහුදු බඩ මාර්ගයේ ගමන්වාර දෙකක් සහ කැළණිවැලි මාර්ගයේ දුම්රිය වාරයක් මෙලෙස ධාවනයට යොදවා ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනය කරයි.

ප්‍රධාන මාර්ගය

ප.ව. 04.00 කොළඹ කොටුව – පොල්ගහවෙල හන්දිය මන්දගාමී

ප.ව. 06.10 පොල්ගහවෙල හන්දිය – කොළඹ කොටුව මන්දගාමී

මුහුදුබඩ මාර්ගය

8761 – ප.ව. 04.15 මරදාන – දකුණු කළුතර – මන්දගාමී

8372 – ප.ව. 05.45 දකුණු කළුතර – මරදාන – මන්දගාමී

කැලණිවැලි මාර්ගය

9265 – ප.ව. 05.00 – කොළඹ කොටුව – පාදුක්ක – මන්දගාමී