News

අද රට විවෘත කිරීම විශාල අවධානමක් -සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

රට යළි විවෘත කිරීමට රජය සූදානම් වුවද ඒ සඳහා නිසි සැලැස්මක් තවමත් ඉදිරිපත් කර නොමැති බව සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පැවසීය.

වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ පුංචි බොරැල්ලේ පිහිටි සුව සේවා සංගම් කාර්යාලයේ ඊයේ (10 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදීය.

වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ නිසි සැලැස්මක් නොමැතිව රට අද (11 වැනිදා) විවෘත කිරීම මගින් විශාල අවධානමකට මුහුණ දීමට සිදුවන බවයි. ඒ අනුව කොවිඩ් වසංගතය රට තුළ තවත් ව්‍යාප්ත විය හැකි බවද හෙතෙම කීවේය.

චාමර පල්ලේගෙදර