අද සවස මහනුවරට බෙලිඅත්තට අතිරේක දුම්රිය දෙකක්
සති අන්තයේ ගම් බිම් බලා පිටත්වන කාර්යාල සේවකයන් වැඩි ප්‍රමාණයක් සිටින බැවින් අද (29 වැනිදා) සවස මහනුවර සහ බෙලිඅත්ත දක්වා අතිරේක දුම්රිය දෙකක් ධාවනයේ යොදවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී. එස්. පොල්වත්ත පවසයි. ලබන පළමුවැනිදායින් (සඳුදා) ආරම්භ වන සතියේදී දුම්රියේ ගමන් කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල කාර්යාල සේවකයන් 19,500 කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචිව සිට ඇත. මේ සතියේ දුම්රිය ගමන් කිරීමට ලියාපදිංචිව සිටි 16,334 ක ප්‍රමාණයෙන් ඊයේ (28 වැනිදා) ගමන් ගත්තේ මගීන් 5365 ක් පමණක් බවද හෙතෙම පැවසීය. ලියාපදිංචි නොවූ පුද්ගලයන්ද ඇතුළුව ඊයේ දින දුම්රියෙන් ගමන් ගත් මුළු මගීන් සංඛ්‍යාව 15901 කි.
මෙම සතියේ දුම්රිය 27 ක් සහ අතිරේක දුම්රිය දෙකක් ධාවනයේ යෙදවූ බවත්, එළඹෙන සතියේ එම ප්‍රමාණය වැඩිකරන බවත් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
එක් එක් පුද්ගලයන් වෙනුවෙන් වෙන් කරන දුම්රියේ ගමන් කිරීමට මගීන් ක්‍රියා කළ යුතු බව කී හෙතෙම නොඑසේ නම් මතුවන ගැටලුකාරී තත්ත්වයන් හමුවේ ආරක්ෂක අංශවල සහය ලබා ගන්නා බවත් වැඩිදුරටත් පැවසීය.
ශිරන්තනී මානවඩු
