News

අධීක්ෂණ මන්ත්‍රීවරු අමාත්‍යාංශ ලේකම්වරුන්ට හිසරදයක් වෙති

අමාත්‍යාංශවලට පත්කර ඇති අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට පහසුකම් සලසන ලෙසට ඇමැතිවරුන් හා එක්සත් ජාතික පක්ෂයේ නායකයන් සිදුකරන බලපෑම් නිසා අමාත්‍යාංශ ලේකම්වරුන් දැඩි අසීරු තත්ත්වයට පත්ව ඇත.

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් රැසක් එක් එක් අමාත්‍යංශවල අධීක්ෂණ මන්ත්‍රීවරුන් ලෙස පත් කර ඇති අතර ඔවුන්ට අවශ්‍ය කාර්යාල පහසුකම්, වාහන හා අනෙකුත් පහසුකම් ලබාදෙන ලෙසට දැනුම් දී තිබේ.

එහෙත් කිසිදු ලිඛිත ඉල්ලීමක් හෝ දැනුම්දීමකින් තොරව කට වචනයට එම ඉල්ලීම් සිදුකර ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඇමැතිවරුන්, රාජ්‍ය හෝ නියෝජ්‍ය ඇමැතිවරුන්ව පමණක් පත් කළ හැකිව තිබියදී මෙවන් තත්ත්වයක් මත අමාත්‍යාංශ ගණන් දීමේ නිලධාරියා ලෙස අමාත්‍යාංශ ලේකම්වරයා වගකිව යුතු වේ.

මේ අතර ඇතැම් අධීක්ෂණ මන්ත්‍රීවරුන් විදේශගත වීමටද ඉල්ලීම් කර ඇති බවද වාර්තා වේ.

සුගන්ධි බස්නායක